වසර දෙකක ණය සහ පොලිය අත්හිටුවමින් චීනයෙන් ශ්‍රී ලංකාවට සහනයක්

වසර දෙකක ණය සහ පොලිය අත්හිටුවමින් චීනයෙන් ශ්‍රී ලංකාවට සහනයක්

2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලිය අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, එම වසර දෙක සඳහා ණය ගෙවීමේ දිගු කාලීන සැලැස්මක් මෙරට මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම මෙම කාලසීමාව තුළ මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය සහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලී උපදේශනයක් ලබාගැනීමට එක්සිම් බැංකුව කැමැත්ත පළකර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට දායකවීමට උපරිම උත්සාහ කරන බවයි මාඕ නින්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය ඉල්ලුම් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව එක්සිම් බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇති බවද මාඕ නින්ග් මහත්මිය පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන ලෙසත්, හැකි ඉක්මනින් ණය ආධාර ලබාදෙන ලෙසත් චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින බවයි ඇය පවසන්නේ.

චීනය, ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණදී ඇති මෙම තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත් ඒකාබද්ධව හා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කරන බව ද ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Share This