වර්තමානයට සරිලන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ඇති කරනවා – අධ්‍යාපන ඇමති

වර්තමානයට සරිලන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ඇති කරනවා – අධ්‍යාපන ඇමති

ලෝකයේ අනෙක් රටවලට සමගාමීව වර්තමානයට සරිලන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ඇති කරන බව සභානායක, ආචාර්ය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා

විභාග පවත්වා ගුරුවරුන් ගුරු සේවයට බදවා ගැනීම මෙවර පමණක් පවත්වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ

ඉන් අනතුරුව විද්‍යාපීඨ සියල්ල ඒකාබද්ධ කළ විශ්වවිද්‍යාලයක් පිහිටුවා එමගින් ගුරුවරු පුහුණු කර ගුරු සේවයට බඳවා ගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියා

විද්‍යාව, තාක්ෂණය , තොරතුරු තාක්ෂණය , රොබෝ තාක්ෂණය ආදි විෂයය පථයන් සිසුන්ට ඉගැන්වීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එය කාලීන අවශ්‍යතාවයක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා

Share This