වයස 22 දී MBBS

වයස 22 දී MBBS

 

මෙරට සිසුන්ට MBBS හෙවත් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියක් අවුරුදු 22 දී ලබාගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම, බී එස් සී හෙවත් විද්‍යාවේදී උපාධිය අවුරුදු 20 දීත් ලබාගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය විය යුතු බවයි එම සංගමය අවධාරණය කළේ.

එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේ අද වන විට මෙරට ක්‍රියාත්මක අධ්‍යාපන පටිපාටිය හරහා සිසුවෙකුට වෘත්තිකයකු වීම සඳහා විශාල කාලයක් ගත කිරීමට සිදුව ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය / උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

Share This