වන අලි නිසා විඳින දුක

වන අලි නිසා විඳින දුක

නිරන්තරයෙන් එල්ලවන වන අලි තර්ජන හේතුවෙන් බුත්තල මහගොඩයාය ප්‍රදේශවාසින් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.

ගම්වාසින් පවසන්නේ ගම්වදින වන අලින් භවබෝග රැසකට හානි කර ඇති අතර ප්‍රදේශයේ පාසල් භූමියට ද වන අලින් කඩා වැදී ඇති බවයි.

බුත්තල මහගොඩයාය නිරන්තරයෙන් වන අලි තර්ජනවලට ලක්වන ප්‍රදේශයක්.

දිනපතා රාත්‍රී කාලයට ගම්වදින වන අලින් තම භවබෝගවලට මෙන්ම දේපළ වලටද හානි සිදුකරන බවයි ගම්වාසින් පවසන්නේ.

පසුගියදා ගම්මානයේ පාසල් යකඩ වැට ද කඩා දමා පාසල් භූමියට ඇතුලු වූ වන අලින් දරුවන් විසින් වගාකර තිබූ කෙසෙල්, පොල් ඇතුළු භවබෝග රැසක් විනාශ කර තිබුණා.

ගම්වාසීන් පෙන්වාදෙන්නේ මෙම තත්ත්වය මත තමන්ට මහත් බියකින් යුතුව ජීවත්වීමට සිදුව ඇති බවයි.

මේ අතර පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී මද්දකට හසු වී තුවාල ලැබූ වන අලි පැටවෙකු ප්‍රදේශවාසින්ට හමු වී තිබෙනවා.

වන අලි පැටවා මද්ද කඩාගෙන පැමිණීමට සමත්ව තිබුණ ද පැටවාගේ පාදයකට හානි සිදුව තිබුණා.

ප්‍රදේශවාසින් ඒ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව පොළොන්නරුව හා වැලිකන්ද වනජීවී නිලධාරින් එම ස්ථානයට පැමිණි අතර, ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරින් වන අලි පැටවාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කළා.

අනතුරුව මෙම සත්ත්වයා වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට රැගෙන ගියා.

Share This