ලොවක් වසඟයට පත් කළ ‘ශකීරාට’ අවුරුදු 8ක් හිරේ යන්න වෙයි ද ? – බදුවලට ‘පොලු තියා’ වෙන්න යන දේ

ලොවක් වසඟයට පත් කළ ‘ශකීරාට’ අවුරුදු 8ක් හිරේ යන්න වෙයි ද ? – බදුවලට ‘පොලු තියා’ වෙන්න යන දේ

ලොව ජනප්‍රිය සංගීත තරුවක් වන ශකීරාට බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ නඩු විභාගයකට පෙනී සිටීමට සිදුව ඇති බව බව විදෙස් මාධ්‍ය පවසනවා

බාසිලෝනාහි පිහිටි අධිකරණයක් විසින් ශකීරාට බදු වංචා 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් තවමත් දිනයක් නියම කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඇය වැරදිකරු වුවහොත් ශකීරාට වසර අටක සිර දඬුවමක් සහ ඇයට යුරෝ මිලියන 23.8 ක දඩයක් පැනවෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

“මගේ නඩුවට සහාය දැක්වීමට ප්‍රමාණවත් සාක්ෂි මා සතුව ඇති බවත් මට පක්ෂව යුක්තිය පවතිනු ඇති බවත් මට විශ්වාසයි” යනුවෙන් ඇය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එමෙන්ම ශකීරාගේ නීති කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ ඔවුන් සුදුසු අවස්ථාවේ අවශ්‍ය කරුණු ඉදිරිපත් කරමින් ඔවුන්ගේ කාර්යය ඉටු කරන බවයි.

ඇය ස්පාඤ්ඤයේ ජීවත් වන නමුත් ඇයගේ නිල නිවස වෙනත් ස්ථානයක ලැයිස්තුගත කර ඇති බවට පැමිණිලිකරුවන් චෝදනා කර තිබෙනවා.

ස්පාඤ්ඤයේ නීතියට අනුව, මාස හයකට වඩා වැඩි කාලයක් රට තුළ ගත කරන පුද්ගලයින් බදු ගෙවීම කළ යුතුයි

යුරෝ මිලියන 17.2 ක බදු ගෙවා ඇති බවත්, හිඟ ණය කිසිවක් නොමැති බවත් ෂකීරා පවසා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

 

Share This