ලේලියගේ බෝතල් පහරින් නැන්දම්මා මරුට

ලේලියගේ බෝතල් පහරින් නැන්දම්මා මරුට

නැන්දම්මා සහ ලේලිය අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් නැන්දම්මා මිය යාමේ පුවතක් ගිරිඋල්ල මතව වැවගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ 73 හැවිදිරි මවක් බවයි පොලිසිය සඳහන් කළේ.

නිවෙස තුළදී මියගිය මෙම මවගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂනයේදී මෙය ඝාතනයක් බවට තහවුරු වීම නිසා සිදු කළ පරික්ෂණවලින් අනතුරුව ලේලිය අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

බෝතලයකින් පහරදීම නිසා මෙම මරණය සිදුව ඇති බවට මූලික පරික්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

Share This