ලිට්‍රෝ සභාපති තනතුරෙන් ඉවත් කිරීමට ගත් උත්සාහය පසු පස කුමන්ත්‍රණයක් – ලිට්‍රෝ ගෑස් සුරැකීමේ සංවිධානය (වීඩියෝ)

ලිට්‍රෝ සභාපති තනතුරෙන් ඉවත් කිරීමට ගත් උත්සාහය පසු පස කුමන්ත්‍රණයක් – ලිට්‍රෝ ගෑස් සුරැකීමේ සංවිධානය (වීඩියෝ)

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය ගත් උත්සාහය පසු පස මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් සිදු කළ කුමන්ත්‍රණයක් පවතින බව ලිට්‍රෝ ගෑස් සුරැකීමේ සංගමය පවසනවා.

ලිට්‍රෝ ගෑස් සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා සඳහන් කළේ සමාගමේ සභාපතිවරයාගේ තනතුර ආරක‍ෂා වූයේ තම සංවිධානය නිවැරදි කරුණු පෙන්වා දීමේ ප්‍රතිඵලයක් හැටියට බවයි.

එම ගෑස් සමාගමේ ගෑස්වල ප්‍රමිතිය යළි නිවැරදි තත්ත්වයට පත් කිරීමෙන් පසුව ද රටේ ප්‍රදේශ කිහිපයක ගෑස් පිපිරිම් සිදුවීම සැක සහිත බව පවසනව ලිට්‍රෝ සුරැකිමේ සංවිධානය අද (15) එම ගැටළුවෙන් තම සංවිධානය මුදවා දෙන ලෙස ඉල්ලමින් දේව කණ්නලව්වක නිරත වුණා.

Share This