ලයිම් නිවාස පේළියක ගින්නක් – නිවාස 8කට හානි

ලයිම් නිවාස පේළියක ගින්නක් – නිවාස 8කට හානි

නානුඔය, සමර්සෙට් වතුයායේ ලයිම් නිවාස පේළියක අද (23) ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි ගැනීමෙන් වතු නිවාස හතරක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර තවත් නිවාස හතරක් අර්ධ හානියට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළා.

මේ හේතුවෙන් වතු කම්කරු පවුල් 08 ක පුද්ගලයන් 37ක් අවැතැන්ව සිටින බවද සඳහන්.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ .

Share This