ලක්ෂ දෙකකට අධික හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ දෙකකට අධික හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන නිවාස සංකිර්ණයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51, මි.ග්‍රෑ. 300 සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ ජංගම දුරකථනයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදාගනු ලබන ඩිජිටල් තරාදියක්ද නිලධාරීන් භාරයට ගෙන තිබුණා.

ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින්වල වටිනාකම ලක්ෂ දෙකකට අධික බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය නිවේදනය කළේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 සහ 50 වයස්වල පසුවන්නන්.

ඔවුන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

Share This