ලංකා සීනි සමාගමට නව සභාපතිවරයෙක් පත් කරයි

ලංකා සීනි සමාගමට නව සභාපතිවරයෙක් පත් කරයි

රජයට විශාල ආදායමක් උත්පාදනය කර දෙන ලංකා සීනි සමාගම වංචා සහ දූෂණයන්ගෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරන බව එහි නව සභාපති මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (19) දිනයේ සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින්.

අර්බුදකාරී කාලයක වුවද රජයට විශාල ආදායමක් උත්පාදනය කර දෙන රාජ්‍ය ව්‍යවසාය ආයතනයක් වන ලංකා සීනි සමාගම මැනැවින් කළමනාකරණය කිරීම තම මූලික අරමුණ බවද ඔහු එහිදී පැවසුවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස රාජකාරි කළ ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

Share This