ලංකාවේ අපනයන පහළට

ලංකාවේ අපනයන පහළට

2023 පෙබරවාරි මාසයේ දී මෙරට භාණ්ඩ අපනයනය පහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සළකා බැලීමේ දී මෙරට අපනයනය 8.06% කින් පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.

ඇගලුම් හා රෙදිපිළි, රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, සැකසූ ආහාරපාන වර්ග, මුහුදු ආහාර සහ වෙනත් අපනයන භෝග අපනයනය පහළ යාම මෙරට සමස්ත අපනයනය පහළ යාමට හේතු වී ඇති බව සඳහන්.

එමෙන්ම අමෙරිකාව, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ චීනය යන රටවල් වෙත මෙරටින් සිදු කළ අපනයන ප්‍රමාණය ද පහළ ගොස් තිබෙනවා.

Share This