ලංකාගම සිට නෙළුව දක්වා ‘සිංහරාජ ලෝක උරුමය ආශ්‍රිතව ඉදිකරන මාර්ගයේ’ වත්මන් දසුන් (PHOTOS)

ලංකාගම සිට නෙළුව දක්වා ‘සිංහරාජ ලෝක උරුමය ආශ්‍රිතව ඉදිකරන මාර්ගයේ’ වත්මන් දසුන් (PHOTOS)

ලංකාගම සිට නෙළුව දක්වා සිංහරාජ ලෝක උරුමය ආශ්‍රිතව ඉදිකරන මාර්ගය පිළිබඳව අද (02) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී පුවත්පත් ඡායාරූපයක් උපුටා දක්වමින් තොරතුරු ඉදිරිපත් කළා.

මෙහි ඉදිකිරීම්වලින් 98%ක්ම මේ වන විට අවසන්ව ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන බව මහාමාර්ග අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක ද දැක්වෙනවා.

මෙම මාර්ගය පරිසර පද්ධතියට හානි නොවන අයුරන් ඉදිකර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරනවා.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කර ඇත්තේ ලංකාගම – නෙළුව මාර්ගයේ වත්මන් තත්ත්වය පිළිබදව මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමිනුයි.

“විපක්ෂය මුළු ලෝකයටම කිව්වා මේ පාර හදන්න විශාල වශයෙන් සිංහරාජ වනාන්තරයේ ගස් කපනවා කියලා . මේ මාර්ගය හදන්න අපි කිසිදු ගසක් කැපුවේ නැහැ.මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් සිදු කළා.” යනුවෙන් ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

මෙම මාර්ගය ඉතා ඉක්මනින්ම ජනතා අයිතියට පත්කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මහාමාර්ග අමාත්‍යංශ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ලැබු ‘ලංකාගම සිට නෙළුව දක්වා සිංහරාජ ලෝක උරුමය හරහා ඉදිකරන මාර්ගයේ’ වත්මන් ඡායාරූප පහතින් නැරඹිය හැකියි.

Share This