රෝග නිධානයට පිළියම් කරමින් ආර්ථිකය ගොඩනගන ආකාරය ජනපති ජාතිය අමතමින් කියයි (VIDEO)

රෝග නිධානයට පිළියම් කරමින් ආර්ථිකය ගොඩනගන ආකාරය ජනපති ජාතිය අමතමින් කියයි (VIDEO)

ඇතැම් දේශපාල පක්ෂ පෙන්වා දෙන කෙටි පාරවල්වලින් පවතින ආර්ථික අර්බුදය විසඳීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

75 වන නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ සියලු දෙනා පොරොන්දුවලට කොටු වී සටන් පාඨවලට හිර වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්නට පටන් ගත් බවයි.

දේශපාලනඥයින් පොරොන්දු ඉටු කිරීම සඳහා සටන් පාඨවලින් කියූ දේ සනාථ කිරීම සඳහාත් වැඩි වැඩියෙන් ණය ගැනීමට පෙළඹුණු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඒ හේතුවෙන් රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටුනු බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා උත්සාහ කරන්නේ මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දීමට නොව රෝග නිධානයට පිළියම් යෙදීමට බවද අවධාරණය කළා.

එය ඉතා දුෂ්කර වුවත් යා යුතු එකම මාර්ගය මෙය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

 

Share This