රුසියාව එස්තෝනියානු තානාපතිට රට හැර යන ලෙස නියෝග කරයි

රුසියාව එස්තෝනියානු තානාපතිට රට හැර යන ලෙස නියෝග කරයි

රුසියාවේ එස්තෝනියානු තානාපතිවරයාට පෙබරවාරි 7 වනදා වන විට රට හැර යන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ එස්තෝනියාව මොස්කව් සමඟ සබඳතා හිතාමතා විනාශ කර ඇති බවයි.

පසුගිය වසරේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව නෙරපා හරින ලද පළමු තානාපතිවරයා වන්නේ Margus Laidre යි .

එස්තෝනියාවද මෙයට ප්‍රතිචාර වශයෙන් එරට සිටින රුසියානු තානාපතිවරයාට එදිනම පිටව යන ලෙස දැනුම් බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ජනවාරි මාසයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් එස්තෝනියාව කියා සිටියේ ගැටුම ඇති වූ දා සිට තානාපති කාර්යාල කාර්යය මණ්ඩලය රටවල් අතර සබඳතා ඉදිරියට ගෙන යාමට උත්සාහ කිරීම නතර කර ඇති බවයි.

එමෙන්ම පසුගිය සතියේ නේටෝ ජාතීන් 11 ක නියෝජිතයන් එස්තෝනියාවේ හමුදා කඳවුරකට රැස්වී යුක්‍රේනයට තම භූමි ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීමට සහ තවදුරටත් රුසියානු දියුණුව වැලැක්වීමට කළ සාකච්ඡා වලින් පසුව ද ගැටළු මතුවුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ලැට්වියාවේ විදේශ අමාත්‍යාංශය ද රුසියානු තානාපතිවරයාට පෙබරවාරි 24 වන විට පිටව යන ලෙස ඉල්ලා ඇති අතර රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඩු කර ගනිමින් එස්තෝනියාවට සහාය දෙන බවද සඳහන් කර තිබෙනවා

Share This