රුසියාවට විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක්

රුසියාවට විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක්

සියවසකට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට රුසියාව සිය විදේශ ණය ගෙවීම් පැහැර හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවට ඩොලර් මිලියන 100 ක ගෙවීමක් කිරීමට තිබුණත් රුසියාවට පනවා ඇති සම්බාධක නිසා ජාත්‍යන්තර ණය හිමියන්ට ගෙවීම් කිරීමට නොහැකිවීමෙන් මෙසේ වසර 100කට පසුව රුසියාව ණය ගෙවීම් පැහර හැරි රටක් බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

රුසියාවේ කීර්තියට විශාල හානියක් නිසා මෙයින් වැළකී සිටීමට ක්‍රෙම්ලිනය දැඩිලෙස උත්සාහ කර ඇති අතර රුසියානු මුදල් ඇමති මෙම තත්ත්වය “විගඩමක්” ලෙස හඳුන්වනවා.

රුසියාව අවසන් වරට විදේශ ණය ගෙවීම පැහැර හැරියේ 1918 බොල්ෂෙවික් විප්ලවයේදී නව කොමියුනිස්ට් නායක ව්ලැඩිමීර් ලෙනින් රුසියානු අධිරාජ්‍යයේ ණය ගෙවීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This