රුසියානු හමුදා විසින් පුපුරුවා හැරි යුක්‍රේන වේල්ල (VIDEO)

රුසියානු හමුදා විසින් පුපුරුවා හැරි යුක්‍රේන වේල්ල (VIDEO)

දකුණු යුක්‍රේනයේ රුසියානු පාලන ප්‍රදේශයක පිහිටි වේල්ලක් රුසියානු හමුදා විසින් පුපුරුවා හැර ඇති බව යුක්‍රේන හමුදාව පවසනවා

ජල මට්ටම ඉහළ යාමත් සමග යුක්‍රේන බලධාරීන් ඒ අවට කලාපයේ සිටින පදිංචිකරුවන්ගෙන් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

විනාශ වූ Nova Kakhovka වේල්ල කැඩී යාමෙන් පසු ජල මට්ටම ඉහළ යමින් පවතින බවත් Kherson නගරයට විශේෂයෙන් එය බලපානු ඇති බවත් Dnipro සහ Inhulets ප්‍රදේශවල පහත් බිම්වලට ද බලපානු ඇති බවත් සඳහන් වනවා

“Kherson නගරයේ මෙහෙයුම් සිදු කරමින් ගංවතුර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් ඉවත් කරමින් සිටින බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇති අතර, පාරිසරික ආරක්ෂාව සහ හදිසි ප්‍රතිචාරය පිළිබඳ තවත් රැස්වීමක් පැවැත්වීමට නියමිතද බවද වාර්තා වනවා

Share This