රුසියානු ප්‍රහාරවලින් පසු බලය යථා තත්ත්වයට පත් කිරීමට යුක්‍රේනය අර්බුදයක

රුසියානු ප්‍රහාරවලින් පසු බලය යථා තත්ත්වයට පත් කිරීමට යුක්‍රේනය අර්බුදයක

රුසියාවෙන් එල්ල වුණු දැවැන්ත මිසයිල ප්‍රහාරවලින් පසු යුක්‍රේනයේ විදුලි අවශ්‍යතාවයෙන් 50%ක් තරම් ප්‍රමාණයක්වත් මේ වන විට සපුරාගත නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ප්‍රධාන යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල වීමෙන් පසු බලාගාර අලුත්වැඩියා කිරීමට වැඩි කාලයක් ගත වන බවද එරට බලධාරීන් පවසනවා

මේ අතර විදුලිය මෙන්ම ජල සැපයුම සම්බන්ධයෙන් වූ ගැටළුවට Kyiv අගනුවර ඇතුළු කලාප 15ක් මුහුණදෙන බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සඳහන් කර තිබෙනවා

ශීත ඍතුව ආරම්භවීමත් සමග විදුලිය නොමැති වීම නිසා තාපය ලබාගැනීමට දුෂ්කරවිමෙන් මිනිසුන් මිය යා හැකි බවටද එරට බලධාරීන් අනතුරු අඟවනවා

රුසියානු හමුදා සටන් කරන්නේ කෙසේදැයි නොදන්නා නමුත් ඔවුන්ට තවමත් කළ හැකි එකම දෙය මිසයිල ත්‍රස්තවාදය, බලශක්ති භීෂණය බව ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කරනවා

දකුණු දිග කෙර්සන් නගරය වැනි යුක්‍රේනයේ ඇතැම් ප්‍රදේශ තවමත් දෛනික බෝම්බ ප්‍රහාරවලට ලක්වන බවත්, යුක්‍රේන රජය දැනටමත් ස්වේච්ඡාවෙන් බෝම්බ ඉවත් කිරීම් කටයුතු ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This