රුමේනියාවේ සිටින ‘ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සඳහා’ ඇමති දුන් විසඳුම්

රුමේනියාවේ සිටින ‘ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සඳහා’ ඇමති දුන් විසඳුම්

රුමේනියාවේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සූම් සාකච්ඡාවක් රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතර අද (30) දිනයේදී පැවති අතර ශ්‍රමිකයින් මුහුණදෙන ගැටලුවලට ක්ෂණික විසදුම් ලබාදීමටද පියවර ගත් බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළා.

රුමෙිනියාවේ රැකියා සඳහා පිටත්ව යන පිරිස් සඳහා වෙනම පුහුණුවක් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ශ්‍රමිකයින් ඉල්ලා සිටි අතර ඔවුන්ට විශේෂිත පුහුණුවක් ලබාදීම සදහා වන ක්‍රමවේදය වහාම ආරම්භ කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

රුමේනියාවේ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ගේ සේවා ගිවිසුම්වල ඇති ඇතැම් ගැටලු පිළිබදවත් රියදුරු බලපත්‍ර ලබාගැනීම සම්බන්ධවත් ශ්‍රමිකයින් මෙහිදී කරුණු දක්වා තිබෙනවා.විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම මත එම ගැටලුවලට විසඳුම් ලබාදීමට කටුතු කරන බවටද ඇමැතිවරයා සහතික වී තිබෙනවා.

විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මාසිකව ඩොලර් මිලියන 500ක මුදලක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ එවන්නේ නම්, ඩොලර් අර්බුදය නිසා රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබුණා.

දැනටමත් බැංකු ක්‍රමය හරහා මුදල් එවන බව ශ්‍රමිකයින් පැවසූ අතර පහසුවෙන් රටට මුදල් එවීම සදහා ලංකාවේ බැංකු ශාඛාවක් එරට විවෘත කරන ලෙසද ඉල්ලා සිටි බව වාර්තා වනවා.

 

Share This