රිෂාඩ්ගේ නිවසේ පිළිස්සී මිය ගිය දැරියගේ මව හැඬු කඳුලින් කියූ දේ(VIDEO)

රිෂාඩ්ගේ නිවසේ පිළිස්සී මිය ගිය දැරියගේ මව හැඬු කඳුලින් කියූ දේ(VIDEO)

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බව එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය ජේ. ඉෂාලිනී නැමති දැරියගේ මව වන රාජමානික්කම් රංජනී මහත්මිය පවසනවා

එම නිවසේ දී විවිධ හිරිහැර සිදුවන නිසා එහි සිටීමට නොහැකි බව දියණිය දුරකතනයෙන් පැවසූ බවත් ඇගේ මරණය සැක සහිත බවත් ඇය සඳහන් කර තිබෙනවා

හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය ඉකුත් නොවැම්බරයේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත්තේ තැරැව්කරුවකු මාර්ගයෙන් .

තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරගැනීම සඳහා මැදිහත් වන ලෙස මියගිය දැරියගේ මව්පියන් මහනුවර මානව හිම්කම් කාර්යාලයේද පැමිණිල්ලක් දමා තිබෙනවා

ඉන් අනතුරුව ඔවුහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා තිබෙන්නේ ගැහැනු දරුවන් පස් දෙනකු හා එක් පිරිමි දරුවකුගෙන් යුත් පවුලේ සිටින පවුලේ තෙවැන්නා මියගිය දැරිය බවයි

රුපියල් 25,000 ක මාසික වැටුපකට ඇය පිටත් කර හැරියත් ඔවුන් ලබා දුන්නේ රුපියල් 20,000 ක මුදලක් පමණක් බව ඇගේ මව සඳහන් කරනවා .

“කොරෝනා කාලයේ මගේ මහත්තයාට සහ පුතාට වැඩ තිබුණේ නැති නිසා ජීවත්වෙන්න තැන් තැන්වලට ණයවෙන්න සිදුවුණා.

දුව මෙහෙකාර සේවයට එක්කගෙන ගිය කෙනාගෙනුත් රත්තරන් බඩුවක් තියලා රුපියල් තිස් දහස් ගණනක් අරන් තිබුණා.

එයා අපේ නිවසට ඇවිත් ඔයාට අවුරුදු 13ක සහ දෙකක පොඩි ළමයි ඉන්න නිසා අම්මා ගෙදරින් ගියොත් ඒ ළමයි පවු ලොකු දුවල දෙන්නගෙන් කෙනෙක් ගෙදරක සේවයට එවන්න කිව්වා.

ඒ වෙලාවේ ඉෂාලිනී දුව යන්න කැමති වුණා.

මිදුලට ඇවිත් මිනිස්සු ණය ඉල්ලල කෑ ගහන නිසා මම යන්නම් කිව්වා.

අයියට විතරක් ණය ගෙවන්න අමාරුයි. මම ගිහින් මේ ණය ටික බේරන්නම් කීවා.යනුවෙන් මියගිය දැරියගේ මව සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

 

Share This