රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා නව යාන්ත්‍රණයක්

රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා නව යාන්ත්‍රණයක්

රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මේ වන විට රාජ්‍ය ව්‍යාපාර වල පවතින තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

යාන්ත්‍රනය සැකසීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලෙසත් රජය සතු ව්‍යාපාර සම්බන්ධව මහා භාණ්ඩාගාරයේ සෘජු අධීක්ෂණයට ලක් විය යුතු බවත් අමාත්‍යවරයා කියා තිබෙනවා.

රාජ්‍ය දේපල ඈවර කිරීමේ ක්‍රියාවලිය කඩිනම් විය යුතු බවත් එයට බාධා ඇත්නම් ඒ පිළිබඳ අදාල නිලධාරින් රාජ්‍ය අමාත්‍යවරයා දැණුවත් කරන ලෙසත් එහිදී රාජ්‍ය හා ජනතා සුභසිද්ධිය උදෙසා ගත යුතු විදිවිධාන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමා ගැනීමට සූදානම් බවද විශේෂයෙන්ම රටේ පුරවැසියන් පාඩු ලබන රාජ්‍ය ආයතන එලෙසම ඉදිරියට පවත්වාගෙන යන්නේද පිළිබදව ආකල්පමය වෙනසක් ඇතිකරගෙන ඇති බවට පෙනී යන බවටද” ඇමැතිවරයා ප්‍රකාශ කළා.

Share This