රාජගිරිය සිද්ධියේ ප්‍රධාන සැකකරු භාරවෙයි – 29 වැනිදා දක්වා රිමාන්ඩ්

රාජගිරිය සිද්ධියේ ප්‍රධාන සැකකරු භාරවෙයි – 29 වැනිදා දක්වා රිමාන්ඩ්

රාජගිරිය ඔබේසේකරපුර දී පොලිස් නිලධාරියෙකු අනතුරුට ලක් කර පලා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අධිකරණයට භාර වීමෙන් අනතුරුව මෙම මස 29 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි විපුල පෙරේරා නැමැත්තායි.

එදිනට හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර තිබෙනවා.

සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටියදී ඊයේ දහවල් නීතිඥවරයකු මාර්ගයෙන් අලුත් අලූත්කඩේ අංක 4 අධිකරණය වෙත භාර වීමට පැමිණි සැකකරු ට විරුද්ධව වැලිකඩ පොලිසියේ නිලධාරීන් කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කර තිබෙනවා.

ඉකුත් විසි වෙනි දින සැකකරු තවත් පුද්ගලයින් දෙදෙනකු සමග රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක් රැගෙන පලා යාමට කළ උත්සාහයේදී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මතට පැනීමෙන් පසු පොලිස් නිලධාරියා කිලෝමීටරයක් පමණ දුරකට රැගෙන ගොස් තිරිංග තද කර වැටීමට සලස්වා සැකකරු ඇතුළු පිරිස පලාගොස් තිබුණා.

සැකකරුට අයත් මෝටර් රථය තලංගම බටපොත ප්‍රදේශයේ නිවසක තිබියදීයි පොලිසිය මගින් සොයා ගැනුනේ.

සැකකරුට පළා යාමට ආධාර අනුබල සහ මෝටර් රථයේ සඟවා තැබීමට උදව් උපකාර කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු එදින අත්අඩංගුවට ගැනුණා.

Share This