රහසේ පැවැත්වූ මංගල උත්සවයක තොරතුරු හෙළි වෙයි – අමුත්තන් 68ක් ඇවිත්

රහසේ පැවැත්වූ මංගල උත්සවයක තොරතුරු හෙළි වෙයි – අමුත්තන් 68ක් ඇවිත්

යාපනයේ සන්දිලිපායී ප්‍රදේශයේ නිරෝධායන නීති කඩකරමින් පවත්වන ලද විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 47 දෙනෙකු නිරෝධායනයට ලක් කොට පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කරන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා ඊයේ (10)දින නියෝග කොට තිබෙනවා.

සෞඛ්‍ය නිලධාරීන් මෙම විවාහ මංගල උත්සවයට අවසර ලබා දී නොතිබියදී 68 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යාපනයේ විවාහ මංගල උත්සව පවත්වන ශාලාවකදී මෙම උත්සවය පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊට සහභාගී වූ 68 දෙනාගෙන් හදුනාගත් 47 දෙනාට එරෙහිව මෙම නඩුව ගොණු කොට තිබූ අතර සන්දිලිපායී සෞඛ්‍ය නිලධාරීන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඉතිරි පිරිසද අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

මේ අනුව මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වු අනෙක් 21 දෙනා අත් අඩංගුවට ගැනීම සඳහා පේදුරුතුඩුව පොලීසියේද සහය ඇතිව සෞඛ්‍ය නිලධාරීන් විවාහ මංගල උත්සවය පැවැත්වූ ශාලාවේ සවිකොට ඇති සී.සී.ටි.වී.කැමරා පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කොට තිබෙනවා.

Share This