රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙන්න – ඇමති නාමල්

රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙන්න – ඇමති නාමල්

ජනතාවගේ සෞඛ්‍ය සහ අනාගත පරම්පරාව ගැන සිතා රසායනික පොහොර වලින් ඉවත් වන ලෙස තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ගොවියාට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවයි..

එමෙන්ම යම් ආකාරයකින් අස්වැන්න අඩු වුවොත් , ඒ අඩුවෙන අස්වැන්නේ ප්‍රමාණයට ගෙවීම් කරන්නත් කෘෂිකර්ම අමාත්‍යවරයාට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ,

“පැහැදිලිවම අපි ආණ්ඩුවක් විදියට ගොවි ජනතාව සමග එකට ඉන්නවා. ලෝකයේ තිබෙන ඉහලම තාක්ෂණයෙන් නිෂ්පාදිත කාබනික පොහොර ලංකාවට ගෙනැවිත් දැනට පළමු අදියරේ ලබා දෙනවා. ඉන් පසු අපේ රට තුල මෙම පොහොර නිෂ්පාදනය කර රට පොහොර වලින් ස්වයංපෝෂිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.

මේ අභියෝගාත්මක කාලයක්. අපිට වැටහෙනවා මේක අමාරුයි, බියක්, චකිතයක් තිබෙනවා. හැබැයි ඒ බිය, චකිතය අපි තුළත් තිබෙනවා. අපිත් මේ දිස්ත්‍රික්කවල ගොවි ජනතාව ආශ්‍රය කරන ගොවි පරම්පරා පවුල්වලින් ආපු අය.

පැහැදිලිව ම කාබනික පොහොර සම්බන්ධව තිරසාර විසදුමක් අපි ලබා දෙනවා. ආණ්ඩුවක් විදියට අපි ගොවියන් ආරක්ෂා කරන්න බැදී සිටිනවා, ඒ සදහා මැදිහත් වෙනවා. “

Share This