“රසායනික පොහොර තහනම් කළ ගැසට් නිවේදනය වැරදි උපදෙසින් සිදුවූවක්” – අමාත්‍යංශ ලේකම්

“රසායනික පොහොර තහනම් කළ ගැසට් නිවේදනය වැරදි උපදෙසින් සිදුවූවක්” – අමාත්‍යංශ ලේකම්

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කරන බව අද (20) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී සඳහන් කෙරුණා.

ඒ,දිනපතා පුවත්පත් වාර්තාවක් උපුටා ගනිමින්.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේදී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට තමාද දායක වූ බව කී ලේකම්වරයා, ඔවුනට අවශ්‍ය වූයේ විෂ කෘෂි රසායනික පොහොර භාවිත කරන සංස්කෘතියක සිට විෂ රහිත ගුණත්වයෙන් ඉතා ඉහළ පැළෑටි පෝෂක භාවිතය හදුන්වාදීම බවද සඳහන් කර තිබුණා.

එම නිසා, කෘෂිරසායනික භාවිත කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුතු පරිසර හිතකාමී පැළෑටි පෝෂක ආනයනයට අවසර දිය යුතු යැයි ද ඔහු පෙන්වා දෙනවා.

එම ගැසට් නිවේදනය එලෙස නිකුත් කර තිබුණේ නම් අද රටේ තත්වය වඩාත් යහපත් එකක් වනු ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

වත්මන් තත්වය පිළිබදව ජනාධිපතිවරයා අමාත්‍යවරුන් පර්යේෂකයන් සහ පරිපාලකයන් සාකච්ඡා කළ බවත් වර්තමාන ගැටලුව විසදිය යුතු බවට ද එහිදී සාකච්ඡා වූ බවත් හෙතෙම පෙන්වා දෙන බවයි පුවත්පත් වාර්තාවල සඳහන් වන්නේ.

Share This