රන්ජන් ගොඩ යයිද ?

රන්ජන් ගොඩ යයිද ?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට ලබන මස 4 වැනිදා සහභාගි වන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන සහ මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා සඳහන් කරනවා.

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

රන්ජන් රාමනායක බන්ධනාගාර ගත වීමෙන් පසු විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදැරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා.

ඉන් පසුව අවශ්‍ය පහසුකම් සලසා දුන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රංජන් රාමනායක මහතා විභාගයට සහභාගි කරවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවත් චන්දන ඒකනායක මහතා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Share This