රථයේ බොනට්ටුවේ පොලිස් සැරයන් එල්ලී සිටියදී ‘වෙට්ටු දැමු ජාවාරම්කරු’ නුගේගොඩ පදිංචිකරුවෙක්(VIDEO)

රථයේ බොනට්ටුවේ පොලිස් සැරයන් එල්ලී සිටියදී ‘වෙට්ටු දැමු ජාවාරම්කරු’ නුගේගොඩ පදිංචිකරුවෙක්(VIDEO)

පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී  රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් වෙට්ටුවක් දමා සැරයන්වරයාව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගැනීම පිළිබඳව අද (22) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ද වැඩිදුර තොරතුරු සඳහන් කළා.

ඒ,පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින්.

පළා ගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය CCTV ඔස්සේ ලබාගෙන සිදුකළ විමර්ශනවලදී පලා ගිය එම පුද්ගලයා නුගේගොඩ මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක්  සැකකරුට අයත් බව කියන ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවස වටලා සිදුකළ පරීක්ෂාවේදී පලාගිය සැකකරු නිවසේ නොසිටීම හේතුවෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනාගෙන්  කළ ප්‍රශ්න කිරීමේදී තම සහෝදරයා පෙරේදා (19) ඔහුගේ බිරිඳ සමග නිවසින් පිට වූ බවත් සිටින තැනක් හෝ දුරකථන අංකයක් නොදන්නා බවත් ප්‍රකාශ කර තිබුණා.

පලා ගිය එම සැකකරු මීට කලකට පෙරදී ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවත් මත් මුද්දර සහ මත් පෙති ජාවාරම සිදු කරන්නෙක් බවටත් තොරතුරු ලැබී ඇතැයි පුවත්පත් වාර්තාවල සඳහන් වනවා.

Share This