රත්මලානේ තරුණ වෛද්‍යවරියක් කොවිඩ් මරුවාට ගොදුරු වේ

රත්මලානේ තරුණ වෛද්‍යවරියක් කොවිඩ් මරුවාට ගොදුරු වේ

කොවිඩ් නිව්මෝනියා රෝගී තත්ත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිද අවයව අකර්මනය විමෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් මියගොස් තිබෙනවා.

ඊයේ (23) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි මේ පිළිබඳව අනාවරණය වී තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි 31 හැවිරිදි වෛද්‍යවරියකි.

ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

මෙම වෛද්‍යවරිය  කොළඹ නගරයේ පිහිටි පුද්ගලික රෝහලකින් පි.සි.ආර් පරික්ෂණයක් සිදුකරගෙන ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රථිකාර ලබමින් සිටි බව වාර්තා වනවා.

රෝගි තත්වය උත්සන්නවිම නිසා ඇයව පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට අතුළත් කර ඇති අතර පසුව එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන් ප්‍රතිකාර ලබාදිම සදහා කරාපිටිය රෝහලට රැගෙන විත් තිබෙනවා.

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් 22 වැනි දින පස්වරුවේ දි මෙම වෛද්‍යවරිය මියගොස් තිබුණා.

Share This