රටපුරා සුරාසැල් මුද්‍රා තබලා – ඒත් හතරක් විවෘත කරලා

රටපුරා සුරාසැල් මුද්‍රා තබලා – ඒත් හතරක් විවෘත කරලා

මුද්‍රා තැබූ මත්පැන් අලෙවිසැල් කිහිපයක් මුද්‍රා ඉවත් කළ මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා.

දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පවත්වාගෙන ගිය මත්පැන් අලෙවිසැල් හතරක් මෙලෙස මුද්‍ර ඉවත් කර ඇති බවත් එම බලපත්‍රලාභීන් වරදක් කර ඇතැයි තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව කාර්මික අපරාධ චෝදනා යටතේ ලක්ෂ 5ක් සමත ගාස්තුවක් අය කරගන්නා බවත් සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කරනවා.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමත් සමග මත්පැන් අලෙවිසල් ඉකුත් මැයි මස 13 වැනිදා සිට වසා දැමුණා.

Share This