රජයේ ප්‍රතිපත්ති විවේචනය කළ චීන බිලියනපතියෙක් වසර 18ක් සිපිරිගෙට

රජයේ ප්‍රතිපත්ති විවේචනය කළ චීන බිලියනපතියෙක් වසර 18ක් සිපිරිගෙට

චීනයේ ප්‍රමුඛ බිලියනපතියෙක් වන සන් ඩාවූ මහතාට වසර 18ක සිරදඬුවමක් එරට අධිකරණයක් විසින් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

67 හැවිරිදි ඩාවූ පසුගිය දින කිහිපයේදී චීනයේ මානුෂික අයිතිවාසිකම් සහ වෙනත් දේශපාලනික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් චීන බලධාරීන්ව විවේචනය කර තිබීම හේතුවෙනුයි මෙම දඬුවම ලබා දී තිබෙන්නේ.

ගැටුම් ඇතිකිරීම සහ ගැටලු මතුකිරීම යන චෝදනා මෙන්ම නීතිවිරෝධී ලෙස ගොවිපළක් පවත්වා ගෙන යාම, රාජ්‍ය දේපලවලට හානි කිරීමට ජනතාව රැස්කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීම යන චෝදනාවලට සන් ඩාවූ වැරදි කරු බවට අධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහිව චීන යුවාන් මිලියන 3.11ක දඩයක් ද නියමකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඒ ආකාරයට පසුගිය කාලය පුරා එරට ධනවත් සමාගම්වල ප්‍රධානීන් කිහිපදෙනෙකුට එරෙහිව ද චීන බලධාරීන් දැඩි දඬුවම් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Share This