යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ සුපිරි කණ්ඩායම නම් කෙරේ

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ සුපිරි කණ්ඩායම නම් කෙරේ

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි තුළ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කළ මෙම සුපිරි කණ්ඩායමට ක්‍රීඩකයින් එකොළොස් දෙනෙක් ඇතුළත්.

2008 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට එක් වූ නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන් මෙම කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබෙනවා.

එමෙන්ම මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස 2008 වසරේදීම 19 පහළ ලෝක කුසලාන තරගාවලියට එක්වෙමින් දක්ෂතා දැක්වීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් නම්කර තිබීම විශේෂත්වයක්.

2010 සහ 2012 යන වසර වලදී වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ මේ වනවිට පාකිස්ථාන කණ්ඩායමේ බාබර් අසාම් ද මෙම කණ්ඩායමට ඇතුළත්.

ඉන්දියාව නියෝජනය කරමින් 2008 වසරේ දී 19 පහළ ලෝක කුසලාන තරගාවලියට එක් වූ විරාට් කෝලි ද මෙම කණ්ඩායමට ඇතුළත් වනවා.

එමෙන්ම 2008 වසරේ දී 19 පහළ ලෝක කුසලාන තරගාවලියට එක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත්, එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ද මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දක්ෂතම පිතිකරුවා වන එංගලන්ත ක්‍රීඩක ඉයෝන් මෝර්ගන් ද මෙම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ඇතුළත්.

2014 වසරේ දී මෙම තරගාවලිය වෙනුවෙන් එක් වූ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා, 2016 වසර තුළ පැවති 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දැක් වූ කොදෙව් ක්‍රීඩක ශිම්රන් හෙට්මයර් සහ බංග්ලාදේශ ක්‍රීඩක මෙහෙදී හසන් ද අයි.සී.සීය විසින් නම්කළ මෙම කණ්ඩායම ඇතුළත්ව සිටිනවා.

මේ අතර 2018 වසරේ පැවති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට එක් වූ මේ වනවිට පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශාහීන් ෂා අෆ්රිඩී ද මෙම කණ්ඩායමේ සාමාජිකයෙක්.

 

 

 

Share This