යොවුන් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පෙරළිකාර ජයක්

යොවුන් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පෙරළිකාර ජයක්

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පිට පිට ලද තෙවැනි ජය වාර්තා කිරීමට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, ඊයේ පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්.

මෙම පෙරළිකාර ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක්වන ‘ඩී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සමත් වුණා.

ඒ ප්‍රසාද ලකුණු 06ක් හිමිකර ගනිමින්.

ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් 19 පහළ කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 250ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 02ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 251ක ඉලක්කය පසුකර ගියා.

මෙම ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුදුකම් ලැබුවා.

 

 

Share This