යුරෝපා සංගම් නායකයින් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡා ඇරඹේ

යුරෝපා සංගම් නායකයින් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡා ඇරඹේ

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky යුරෝපා සංගම් නායකයින් සමග සමුළුවක් පවත්වද්දී කියෙව්හි සහ යුක්‍රේනය පුරා ගුවන් ප්‍රහාර සයිරන් හඬ ඇසී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සහ යුරෝපා සංගමයේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් මෙම රැස්වීම සඳහා කියෙව්වලට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

එය වසරකට ආසන්න කාලයකට පෙර රුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු පැවැත්වෙන පළමු යුරෝපා සංගම්-යුක්‍රේන සමුළුව බවයි පැවසෙන්නේ.

යුද්ධයෙන් විනාශ වූ යුක්‍රේනය බලාපොරොත්තු සහගත නමුත් යුරෝපා සංගම් කණ්ඩායමට සම්බන්ධ වීමට පෙර බොහෝ දේ කළ යුතු බව මෙහිදී යුරෝපා සංගමයේ නිලධාරීහු පවසා තිබෙනවා.

Share This