යුක්‍රේනයේ කලාප දෙකක් ස්වාධීන කලාප බවට පත්වෙයි

යුක්‍රේනයේ කලාප දෙකක් ස්වාධීන කලාප බවට පත්වෙයි

රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනයේ Zaporizhzhia සහ Kherson කලාප ස්වාධීන ප්‍රදේශ ලෙස පිළිගනිමින් නියෝග දෙකකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රුසියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ මෙම කලාප දෙකේ ස්වාධීනත්වය ජාත්‍යන්තර නීතියට අනුකූලව පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියටද ඇතුළත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසා ඇත්තේ බලය භාවිතා කිරීම මත රටකට අයත් භූමියක් ඈඳා ගැනීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

මේ අතර යුක්‍රේනයේ තවත් කලාප හතරක් රුසියාවට එක්වන බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

ක්‍රෙම්ලිනය පවසා තිබෙන්නේ Luhansk, Donetsk, Zaporizhzhia සහ Kherson ජනමත විචාරණයකින් පසුව රුසියාවට එකතු කර ගැනීමට නියමිත බවයි

මෙම කලාප රුසියාවට ඈඳාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය රුසියාවට නව සම්බාධක පනවනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

තුර්කි ජනාධිපතිවරයා යුක්‍රේනය සමග සාම සාකච්ඡා සඳහා තවත් අවස්ථාවක් ලබා දෙන ලෙස රුසියානු නායකයාගෙන් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This