යුක්‍රේනයට යුද ටැංකි යැවීමට ජර්මනිය ගත් තීරණය ගැන රුසියානු ජනපතිගෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයට යුද ටැංකි යැවීමට ජර්මනිය ගත් තීරණය ගැන රුසියානු ජනපතිගෙන් ප්‍රකාශයක්

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් විසින් Stalingrad සටනේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන් කළ කතාවකදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම නාසි ජර්මනියට එරෙහිව පැවති සටනට සංසන්දනය කර තිබෙනවා

යුක්‍රේනයට යුද ටැංකි යැවීමට ජර්මනිය ගත් තීරණය උපුටා දක්වමින් රුසියානු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ඉතිහාසය නැවත සිදුවෙමින් පවතින බවයි.

එය විශ්වාස කළ නොහැකි නමුත් එය සත්‍යයක් බවත් අපි නැවතත් ජර්මානුවන්ගේ යුද ටැංකි වලින් තර්ජනයට ලක්ව සිටින බවත් රුසියානු ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

ජර්මනිය යුක්‍රේනයට තම භූමිය ආරක්ෂා කර ගැනීමට උදව් කරන බොහෝ රටවල් වලින් එකක්

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පුටින් මහතාගේ ප්‍රකාශය විස්තර කිරීම ප්‍රතික්ෂේප කළ නමුත් වාර්තාකරුවන්ට පැවසුවේ සාමූහික බටහිරයන් විසින් නව ආයුධ ලබා දෙන බැවින් රුසියාව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් වැඩි ප්‍රයෝජන ගනු ඇති” බවයි.

පුටින් මහතා වොල්ගොග්‍රෑඩ් වෙත පැමිණ සිටියේ දෙවන ලෝක සංග්‍රාමයේ Stalingrad සටනේ සංවත්සරය සැමරීම සඳහායි

Share This