මෝදිට අමෙරිකාවෙන් ආරාධනයක් ලැබෙන ලකුණු

මෝදිට අමෙරිකාවෙන් ආරාධනයක් ලැබෙන ලකුණු

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විශේෂ හමුවක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය බොහෝදුරට ලබන ජූනි මාසයේදී සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.

එහෙත් සංචාරය සිදුකෙරෙන නිශ්චිත දිනයක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම අමෙරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද පැවසෙනවා.

එහිදී ආරක්‍ෂාව, තාක්‍ෂණය, අභ්‍යවකාශ ගවේෂණ, වෙළඳාම සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ අවධානය යොමුවනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This