මේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් කල්පනාවෙන් ඉන්න

මේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් කල්පනාවෙන් ඉන්න

ලොව පුරා රටවල් 90 කටත් වැඩි සංඛ්‍යාවක පැතිරී ඇති මන්කි පොක්ස් රෝගය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා.

මේ වන විට මන්කි පොක්ස් ආසාදිතයන් 31,800 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති අතර, මන්කි පොක්ස් රෝගය වැළඳීමෙන් සියයකට ආසන්න ගණනක් මියගොස් ඇති බව විදෙස් වාර්තා ආවරණය කරනවා.

ඉන්දියාවෙන් ද ආසාදිතයින් කිහිප දෙනෙක් හඳුනා ගැනුණු අතර, ඉන් එක් අයෙකු මියගිය බව එරට මාධ්‍ය තහවුරු කරන පසුබිමක ශ්‍රී ලංකාවටද මන්කි පොක්ස් ආසාදිතයන් පැමිණීමේ අවදානමක් මතු වුණා.

මේ අතර, මන්කි පොක්ස් රෝගය හඳුනා ගැනීමේ නිර්ණායක සෞඛ්‍ය අංශ වෙත නිකුත්කර තිබෙනවා.
ඒ අනුව සැකසහිත මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීමේදී

එක් වරම හටගත් සමේ කුෂ්ට තත්ත්වයක් සහිත හිසරදය,
එක්වරම හටගත් උණ.
වාසා ගැටිති ඉදිමුම.
මස්පිඩු වේදනාව.
කොන්දේ වේදනාව.
තදබල තෙහෙට්ටුව, ආදිය
පවතීනම් ආසාදිතයෙකු ලෙස සැක කළ හැකි බවයි අදාළ නිර්ණායකයන් හි සඳහන් වන්නේ.

එවැනි රෝග ලක්‍ෂණ සහිත පුද්ගලයෙකු මන්කි පොක්ස් රෝගියෙකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතාවන් හෝ ලිංගික සබඳතාවක් පවත්වා ඇත්නම් රෝගය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් පවතින බවයි සඳහන් වන්නේ.

එමෙන්ම එසේ රෝග ලක්‍ෂණ සහිත සැක කළ හැකි පුද්ගලයෙකු සමඟ
මුහුණට මුහුණලා සමීපව ඇසුරු කළහොත් හෝ, ඉතා සමීප ශාරීරික සබඳතා පැවත්වුවහොත් හෝ, පරිහරණය කළ උපකරණ හෝ ඇඳ ඇතිරිලි භාවිත කළහොත් සම්ප්‍රේෂණය විය හැකි බවත් අදාළ නිර්ණායකයන් හි සඳහන් වනවා.

කෙසේවෙතත් අදාළ පුද්ගලයා මන්කි පොක්ස් රෝගියෙකු ලෙස ස්ථිර ලෙසම තහවුරු කිරීමට නම් සමෙහි ඇති වූ තුවාලවල කබොල්ල, සම් කොටස් හෝ තුවාලවල සැරව ආශ්‍රිතව සිදුකරන ඡක්‍ඍ පරීක්‍ෂණයකින් තහවුරු කළ හැකි බවයි අදාල මන්කි පොක්ස් ආසාදියන් හඳුනා ගැනීමේ නිර්ණායකයන්වල දැක්වෙන්නේ.

මේ අතර, කොවිඩ් රෝගය නැවත උත්සන්න ව ඇති පසුබිමෙක ඊයේ දිනයේද කොවිඩ් ආශ්‍රිතව මරණ පහක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා තහවුරු කළා.

ඒ අනුව මේ වන විට කොවිඩ් ආශ්‍රිතව මෙරට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16,619 ක්.

ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 181 ක්.

Share This