මේ කාලයේ ඔබට හැඳුනුම්පත අවශ්‍ය වන විදිය

මේ කාලයේ ඔබට හැඳුනුම්පත අවශ්‍ය වන විදිය

රැකියා සඳහා යන අයට ජාතික හැදුනුම්පතේ ඔත්තෙ ඉරට්ටෙ ක්‍රමවේදය අදාළ නැතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

සේවකයන් සිය ආයතනවලට ගෙන්වීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවත් බොහෝ ආයතන සේවයට කැඳවන්නේ මුළු සේවකයන්ගෙන් සියයට විසි පහක් පමණක් බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරනවා

ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය බලපාන්නේ පෞද්ගලික කාරණා වෙනුවෙන් නිවෙසින් බැහැරව යන අයට පමණක් බව කී යුද හමුදාපතිවරයා ඒ ගමන් කළ හැක්කේ ද තම නිවස ආසන්නයේ පිහිටි වෙළඳසලට පමණක් බවයි පවසන්නේ

මේ අතර පළාත් අතර සංචරණ සීමාවද රටපුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වාවු සංචරණ සීමාවද ලබන 31වැනිදා දක්වා ක්‍රියාත්මකයි

සංචරණ සීමා කඩ කරන්නන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

 

Share This