මෙරට හෙද හෙදියන්ට තවත් විදෙස් රටක දොර විවෘතයි

මෙරට හෙද හෙදියන්ට තවත් විදෙස් රටක දොර විවෘතයි

ශ්‍රී ලංකික හෙද වෘත්තිකයින්ට සිංගප්පූරු රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රැකියා සඳහා අවස්ථාව උදා වී තිබෙනවා.

මේ සඳහා බඳවාගැනීම් සිංගප්පූරු රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත Ministry of Health Holdings යන ආයතනයට පවරා ඇති අතර, ඔවුන් පසුගියදා සම්මුඛ පරීක්ෂණ කිහිපයක්ද මෙරටදී පවත්වා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේද එකගතාවය මත 2022 නොවැම්බර් මස 20, 21 හා 22 දිනවලදී ශ්‍රි ලාංකික හෙද වෘත්තිකයින් සදහා කොළඹදී සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර, එම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ අයදුම්කරුවන් සඳහා සිංගප්පූරුවේ හෙද මණ්ඩලය (Singapore nursing board) විසින් 2022 නොවැම්බර් 23 දින විභාගයක් පවත්වා අදාල සුදුස්සන් තෝරා ගැනීම සිදුකර තිබෙනවා.

සිංගප්පූරුව හා ශ්‍රි ලංකාව අතර නියමු ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ වූ මෙම බඳවා ගැනීමේ වැඩසටහන ඉදිරියේදී ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යනයක් කිරීමටද සිංගප්පූරුවෙන් මෙරට පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන් මැදිහත් වන බවයි පැවසෙන්නේ.

Share This