මෙරට රාජ්‍ය මුල්‍ය කළමණාකරණ කටයුතුවලට තාක්ෂණික සහාය දීමට ඇමරිකාවේ එකඟත්වය

මෙරට රාජ්‍ය මුල්‍ය කළමණාකරණ කටයුතුවලට තාක්ෂණික සහාය දීමට ඇමරිකාවේ එකඟත්වය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කළමණාකරණ කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමට ඇමරිකාව එකඟ වි තිබෙනවා .

ඒ මෙරට සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව සදහා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින්ග්(kelly keiderling) හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද(27) පැවැති සාකච්ඡාවේදී.

ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සිදු කරන සාකච්ඡා සදහා ද සිය සහායෝගය ලබා දෙන බවයි ඇමෙරිකානු රාජතාන්ත්‍රික කණ්ඩායම එහිදී ප්‍රකාශ කර තිබෙන්නේ .

මෙම සාකච්ඡාව සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියාව සදහා නි⁣යෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්රොත් (Robert kaproth) සහා මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි ජුලි චැන්ංග්( julie chung ) සහභාගී වුණා

 

Share This