මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික්  සිහිනය බිඳ වැටේ

මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් සිහිනය බිඳ වැටේ

කසකස්ථානයේදී එළඹෙන 19 සහ 20 යන දෙදින පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගන්නා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායාමට සහභාගී වීමට නොහැකි වී තිබෙනවා.

ඒ පසුගිය දින කිහිපයක් මුළුල්ලේ පැවති විසා බලපත්‍ර ගැටලුව විසඳාදීමට මෙරට ක්‍රීඩා බලධාරීන් සහ කසකස්තාන බලධාරීන් අතර පැවති සාකච්චා අසාර්ථක වීම හේතුවෙන්.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා උස පැනීමේ ඉසව්ව්වෙන් දකුණු ආසියානු ශුරයා වන උෂාන් තිවංක ,කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා නිමාලි ලියනාරච්චි ,හෙල්ල විසිකිරීමේ ඉස්ස්ව වෙනුවෙන් සුමේධ රණසිංහ,කාන්තා මීටර් 400 ඉසව්ව වෙනුවෙන් නදීෂා රාමනායක සහ මිටර් 400 ඉසව්ව සඳහා කාලිංග කුමාරගේ ඔලිම්පික් වරම් දිනා ගැනීමේ අරමුණින් එක්වීමට නියමිතව සිටියා.

 

 

Share This