මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්කට එරෙහි දඬුවම් නිර්දේශ කෙරේ

මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්කට එරෙහි දඬුවම් නිර්දේශ කෙරේ

විනය ගැටලු හේතුවෙන් තාවකාලික ක්‍රිකට් තහනමකට ලක් කෙරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට ලබා දිය යුතු දඬුවම, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විසින් ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කළ අතර, ඒ හේතුවෙනුයි ඔවුන්ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනමීවට කටයුතු කෙරුණේ.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් හා නිරෝෂන් දික්වැල්ලට මාස 18 ක ක්‍රිකට් තහනමක් නිර්දේශ කර ඇති බව සඳහන්.

මීට අමතරව ඇමෙරිකානු ඩොලර් 25,000 ක දඩයක් ද ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව එම කමිටුව නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

විමර්ශන සිදු කළ පංච පුද්ගල කමිටුව –

Justice Nimal Dissanayaka (Retd Judge of the Supreme Court of Sri Lanka)
Mr. Panduka Keerthinanda, Attorney-at-Law
Mr. Asela Rekawa, Attorney-at-Law
Mr. Uchitha Wickremasinghe, Attorney-at-Law
Major General (Retd) M.R.W. De Zoysa

Share This