මුහුදු මාර්ගයෙන් මෙරට ගෙන ඒමට තැත් කළ මිලියන 30කට අධික කේරළ ගංජා තොගයක් හසුවේ

මුහුදු මාර්ගයෙන් මෙරට ගෙන ඒමට තැත් කළ මිලියන 30කට අධික කේරළ ගංජා තොගයක් හසුවේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මාදගල් මාසන්කුඩා වෙරළ ප්‍රදේශයේ අද (02) අලුයම සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ කේරළ ගංජා කිලෝ 101 ග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් සමග ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ මුළු වටිනාකම රු.මිලියන 30 කට අධික බවයි වාර්තා වන්නේ.

Share This