මුදල් පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය දෙයි

මුදල් පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය දෙයි

2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) පෙරවරුවේ සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ඉකුත් 07 වැනිදා මෙම පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුනා.

ඊට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 44 ක්..

මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‍ ඡන්ද විමසීමක් ඉල්ලා සිටීම හේතුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත් වූ බවයි ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව මෙම පනත අද (15) සිට බලාත්මකයි.

Share This