මුදල් අමාත්‍යාංශය යටතට පත් කළ ආයතන

මුදල් අමාත්‍යාංශය යටතට පත් කළ ආයතන

ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ නෙළුම් කුලුන, ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ සමාගම්වලට අමතරව ජාතික ලුණු සමාගම, මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගම, පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ් ආයතනය, සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම, සීමාසහිත බී.සී.සී. සමාගම සහ නෝර්ත් සී ලිමිටඩ් යන ආයතන ද මුදල් අමාත්‍යාංශයට යටතට පවරා ඇති බව සඳහන්.

මීට පෙර මෙම ආයතන තාක්ෂණ, අයෝජන ප්‍රවර්ධන, ධීවර, සෞඛ්‍ය, වැවිලි කර්මාන්ත, කර්මාන්ත, නාගරික සංවර්ධන, නිවාස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික, වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතා යන අමාත්‍යාංශ යටතේ පැවතුණා.

Share This