මුදල් අච්චු ගැසීමේ තරම

මුදල් අච්චු ගැසීමේ තරම

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙරට මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා .

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47ක් බවත් ඒ මහතා කියා සිටියා .

ආර්ථික වර්ධනයත් සමග සංචිත මුදල් වැඩි විය යුතු බවත් ඒ මහතා කියා සිටියා.

Share This