මිසයිල දියත් කිරීමේ මෙහෙයුමක් නිරීක්ෂණයට පියා සමග ගිය දියණිය

මිසයිල දියත් කිරීමේ මෙහෙයුමක් නිරීක්ෂණයට පියා සමග ගිය දියණිය

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය දියණිය ද කැටුව Hwasong-17 මිසයිලයේ අත්හදා බැලීම් අධීක්ෂණය කිරීමට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සඳහා ඔහුගේ දියණිය වන කිම් ජු-ඒ (Kim Ju Ae) මිල අධික ක්‍රිස්ටියන් ඩයර් ජැකට්ටුවක් පැළඳ සිටි ඇති අතර එම ජැකට්ටුව ඩොලර් 2,800 ක් පමණ වටිනාකමකින් යුක්ත බව සඳහන්.

ලොව පුරා ප්‍රසිද්ධ ඉහළ පෙළේ විලාසිතා සන්නාමයක් වන ක්‍රිස්ටියන් ඩයර් විලාසිතාවන්ට ඇය ප්‍රිය කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් උතුරු කොරියාව අද (24) යළිත් කියා සිටියේ තමන් දිය යට න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයකින් විකිරණශීලී සුනාමියක් මුදා හැරීමට සමත් වූ බවයි.

Share This