මිනුවන්ගොඩ කොවිඩ් රෝහලට රුපියල් කෝටියක්

මිනුවන්ගොඩ කොවිඩ් රෝහලට රුපියල් කෝටියක්

මිනුවන්ගොඩ කොවිඩ් රෝහලේ ඔක්සිජන් පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සදහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටියක (ලක්ෂ 100) මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ප්‍රදානය සිදු කර තිබෙනවා.

මීට අදාළ චෙක්පත ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පසුගිය දා (18) භාර දුන්නා.

අදාළ මුදල කොවිඩ් අරමුදලට යොදවා එමගින් මිනුවන්ගොඩ රෝහලේ ඔක්සිජන් පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වෛද්‍ය උපකරණ අවශ්‍යතාව වෙනුවෙන් යෙදවීමට නියමිතයි.

 

Share This