මැයි 09 වනදා සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම්වලට 1500 ක් අත්අඩංගුවට

මැයි 09 වනදා සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම්වලට 1500 ක් අත්අඩංගුවට

මැයි 09 වනදා සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම්වලට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 1500 ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉන් 677 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි

ගතවූ පැය 24 තුළදී පැමිණිලි 08 ක් ලැබී ඇති අතර ඒ අනුව මෙම සිදුවීම් සම්බන්ධයෙන් ලැබී ඇති මුලු පැමිණිලි සංඛ්‍යාව 844 ක් බවද සඳහන්.

ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබූ සංඛ්‍යාව 152 ක්.

ඉන් 101 දෙනෙකුට ඇප හිමිව ඇති අතර තවත් 39 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Share This