මැති ඇමති දුක ගැන ඇමති කියන කතාව

මැති ඇමති දුක ගැන ඇමති කියන කතාව

රජයේ අමාත්‍යවරුන්ට ලැබෙන්නේ කලින් හිටපු ඇමතිවරයා නොව ඊටත් පෙර සිටි ඇමතිවරයා පාවිච්චි කළ වාහන බවත් ඒවා අවුරුදු 10 ක් පමණ පරණ වාහන බවත් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

ඊයේ (14) කෙරවලපිටියේදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ජනතාව සිතන ආකාරයේ සුඛෝපභෝගී වාහන ඇමතිවරුන් සන්තකයේ නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා සෑම අවස්ථාවකදීම දේශපාලනඥයා දෙස වෛරයෙන් නොබලන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදුකළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”මිනිස්සුන්ට අමාරුවක් වුණාම දේශපාලනඥයින්ගෙනේ ආධාර බලාපොරොත්තු වෙනවා. දේශපාලනඥයට කියනවා පඩියවත් ගන්න එපා කියලා. ඒවා සාධාරණ ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.”

ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ බස් රථයෙන් බවත් ඇතැම් අහිංක , පිරිසිදු දේශපාලනඥයින්ට ඇඟිල්ල හෝ දිගු කිරීම ආසාධරණ බව ත් ඔහු අවධාරණය කර සිටියේ ය.

”සමහර දේශපාලනඥයින්ට ඇගිල්ලවත් දිගු කරන එක අසාධාරණයි.. ඒ තරම් අහිංසකයි පිරිසිදු මිනිස්සු එවැනි දේශපාලනඥයින්ට රජයෙන් යම් දෙයක් ලැබෙනවා නම්, තමන්ගේ වැඩ කටයුතු කරන්නට මං හිතන්නේ ඒකට ක්‍රෝධයෙන් වෛරයෙන් කතා කරන එක හරි නෑ . මම දවසට කිලෝ මීටර් 100ක් විතර දුවනවා” යැයි ප්‍රකාශ කළා.

Share This