මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිඳු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති වුවද භාණ්ඩාගාරය ඉහළ කළමනාකාරිත්වයකින් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

Share This